ඇතුගල වෙහෙර වඳින - චාමර වීරසිංහ | Athugala wehera wandina athkanda lihini rena - Chamara Weerasinghe - sinhala lyrics


ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්


රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්


ඇතුගල කන්ද තවම සඳ සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුණම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්


ගායනය - චාමර වීරසිංහ
තනුව - ප්‍රියන්ත නාවලගේ
පද - චතුර ගීතනාත්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kavinda Hasitha

Comments