මා හඬනා කඳුළු ගලා - නන්දා මාලිනී | Ma Handana Kandulu Gala - Nanda Malini


මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...
සිනාසුනේ ඇයි...

ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙලෙක තිබුනු හදක්
ගලක් කලේ ඇයි...
ගලක් කලේ ඇයි..

මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...
සිනාසුනේ ඇයි...

සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු වුනේ ඇයි...
සතුරු වුනේ ඇයි...

මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...
සිනාසුනේ ඇයි...

ගායනය - නන්දා මාලිනී
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - සුනිල් ආරියරත්න




Sinhala Song

Comments

  1. "ඔබ නොපෙනූ අසරණ මට "
    "ඔබ නොපෙළු අසරණ මට " ලෙස නිවරැදි විය යුතුය

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...