එකමත් එක දවසක - නිරංජලා මංජරී | Ekamath eka dawasaka - Niranjala Manjari


එකමත් එක දවසක
සිඳීගිය වැව් ඉවුරක
සරා සඳ එක්ක අපි උන්නා
අපිට අපි නොපෙනෙනා අඳුරේ
මට ඔබව දැනුණා
ඔබට මා දැනුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

අහසේ ඈත කෙලවර
නිවි නිවී දිළෙනා
තරු පොකුරු වලට
අපි කවි කිව්වා
ජීවිතේ ගිම්හානයේ
අපි වස්සාන හීන මැව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

එකමත් එක දවසක
සාගරේ ලවැලි වෙරළක
අපි සිතිජ ඉමට
සිත් පා කෙරුවා
අතරමං වූ ජීවිතේ
අපි මඟ සලකුණු සෙව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

එකමත් එක දවසක
සිඳීගිය වැව් ඉවුරක
සරා සඳ එක්ක අපි උන්නා
අපිට අපි නොපෙනෙනා අඳුරේ
මට ඔබව දැනුණා
ඔබට මා දැනුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා


ගායනය - නිරංජලා මංජරී
සංගීතය - ලෙලුම් රත්නායක
ගී පද - චරිත් සේනානායක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Guerilla Filmmakers

Comments

  1. අදමයි ඇහුවේ. ලස්සනයි....ස්තුති

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...