යොවුන් වසන්තයේ - නන්දා මාලිනී | Yowun Wasanthaye - Nanda Malini


යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී //
ගංඟාවක් සේ ගලා බසිනු මැන
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී
නිරන්තරේ සිනා සිසී

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ //
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ
අහස් ගඟේ දියඹ දිගේ

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා


ගායනය - නන්දා මාලිනී
සංගීතය - ඩී.ආර්. පීරිස්
ගී පද - සුනිල් ආරියරත්න




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Mudunkotuwa

Comments