සඳගනාවට - දනිත් ශ්‍රී | Sandaganawa - Danith Sri - sinhala lyrics


උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ..
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ..
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ..
දෝරෙ යන මේ හැඟුම් ගංඟා ඔහේ සැලුනාවේ..

සඳගනාවට සඳලුතල සිප..
සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි..
ගෙනේවී රාත්‍රියේ..ආයේ..

කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගං තීරේ..
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ..
ගෙවී යන මේ භවේ ජීවිත ගානෙ සංසාරේ...
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ..

සඳගනාවට සඳලුතල සිප..
සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි..
ගෙනේවී රාත්‍රියේ..ආයේ..

ගායනය : දනිත් ශ්‍රී
පද රචනය : දනිත් ශ්‍රී
සංගීතය : දනිත් ශ්‍රී



වීඩියෝව ගත්තෙ මෙතනින් - Dhanith Sri

Comments