වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා
කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැළෙමින් සදනා
ආශිර්වාදෙන් ආසිරි වේවා
වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා
සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට දවසත් එලෙසින් පිවිතුරු වේ
දිවි මඟ සෙත් මල් පිපෙන පැයේ
පිවිතුරු බව රැකවරණය වේ
වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා
වාසනා වේවා
වාසනා වේවා //
ගායනය - සනත් නන්දසිරි
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - කැමිලස් පෙරේරා
එච්.ඩී. ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කල ‘මංගල තෑග්ග‘ (1987) චිත්‍රපටියෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...