තිලොනා සෑසි මුණි - අහමඩ් මොහිදීන් | Thilona sasi muni - Ahamed Mohideen - sinhala lyrics


තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

පිනැති ජනතා සසරින් ගොඩලන්ටා
තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

ලංකාසිරි දිසි කැළණි පුරේහි
මැණික් පුටුවටා මිණි පළඟේහී //
අයිතිය ගන්ටා යුදයට පත්වූ
චූලෝදර හා මහෝදරාදින්ගේ

තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

වෛර ශ්‍රී මුණි දැකලා සැණිනා
නෙත්ති ගුවන් හී රෂ්මි විදාලා //
ශාන්ත ධර්මේ දෙසුව සඳේහී
ගවරේ සිඳිලා නෙත් පැහැ නා දැකලා

තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

සුමන සමන් දෙවි පැහැදිය කල්හි
කල ආරාධන පිළිගෙන තොස් වී //
සමන් ගිරේහි තැබු සිරිපාදේ
සුවඳා මාලා පුදමුව සැම එක් වී

තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි


ගායනය - අහමඩ් මොහිදීන්
සංගීතය - යූ.ඩී. පෙරේරා
ගී පද - යූ.ඩී. පෙරේරා

මෙම ගීතයේ සදොස් තැන් තිබේ නම් නිවැරදි කිරීමට සහය වන මෙන් ඉල්ලා සිටිමු.





වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903

Comments

  1. බොහොම පින් පුදුම අමාරුවකින් මේ ශිල්පි හොයාගත්තේ..මේ සිංදුව සමග..

    ReplyDelete
  2. Samahara than Haldane wenwa.aththatama ma me geethiya saahena kaalayak gatha kala hosanna.oyalata godard pin.
    Mama me geethaye
    Original chords Rocksame master ge phutata kiyala haduwa. Mata e chords oyalata denna palawan.Mage contact number Eka 0740601730.


    ReplyDelete
    Replies
    1. Mage nama Thushantha please contact me as soon as see my comment. Please.please.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...