ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //
දුකේදී හඬාවී සැපේදී සිනාවී
රැඳේවී මගේ ජීවිතේ //
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇදී යන්නෙ ඇයි මේ ලෙසේ
ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ
නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ //
කම්පා නොවී හිඳිමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා
ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //
ගායනය - සෝමසිරි මැදගෙදර
සංගීතය - නිමල් ගුණසේකර
ගී පද - බන්දුල ජයසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Sudu Araliya

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...