තනියෙන් මං හරි පාලුවෙන් ඔහේ ඇවිදින්නම්
ඔහේ ඉගිලෙන්නම් මට කූඩු හරි අවුල්
ලෝකෙ වටේම රෝන්දෙ ගහලා ආදරෙ හොයන් එන්නම්
ඇවිල්ලා නිවන්නම් ඔබේ ජීවිතේ තැවුල්
පූසෙක් මං පූසෙක් රෑනක් නෑ කොහේවත්
ඉන්නෙත් මේ පාළු කාමරේ
මාව ඕනෙ නම් වරෙන් තකහනියක් හොයන් වරෙන්
දෙන්නම්කෝ මාගෙ ආදරේ
තනිකම වගේ සැනසිල්ලක් මට තවත් කොහෙද ලෝකේ
දන්න උන් නම් දන්නවා ඒකෙ ඇති සුවේ
හැමෝටමනම් මගේ කාමරේ දොරවල් ඇරෙන්නෙ නෑ
කාටහරි දොර ඇරියෝතින් ආයෙ වහන්නෙ නෑ
පූසෙක් මං පූසෙක් රෑනක් නෑ කොහේවත්
ඉන්නෙත් මේ පාළු කාමරේ
මාව ඕනෙ නම් වරෙන් තකහනියක් හොයන් වරෙන්
දෙන්නම්කෝ මාගෙ ආදරේ //
ගායනය, සංගීතය, ගී පද - ARJUMANN (අර්ජුමාන්)
මෙතනින් - ARJUMANN

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...