මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ - රූකාන්ත ගුණතිලක | Mage hithe dukak kiya deyak ne - Rookantha Gunathilaka - sinhala lyrics
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ //
ආදරේ ඕනදෝ කාට හෝ
වේදනා ලබන්න ආසදෝ
පාලුවෙන් මිදෙන්න ඕන කාටදෝ
දෙන්නෙමී සහන් බිඳක් කියන්නකෝ
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ
නොදන්නෙමී අතීතයේදි ආදරේ
දැන් දනිමි පුදන්නෙ කොයි ලෙසේ
පෙම්වතා වෙමී ඔබේ අදත් මෙමා
නමුත් ඔබේ නොවෙයි හෙටින් පසූ මා
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ //
ගායනය, සංගීතය, ගී පද - රූකාන්ත ගුණතිලක
වීඩියෝව ගත්තෙ මෙතනින් - CodeName_L

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...