අප දෙදෙනා දිහා බල බලා - තිලකසිරි රත්නායක | Apa dedena diha bala bala - Thilakasiri Rathnayaka - sinhala lyrics
අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා
දුර ඈත දේශෙන් මෙහි ආ දිනේදි
මට දී නවාතැන් මේ පුංචි කුටියේ
මට පෑ ඔබේ ආදරේ
නොමැකී තියේ මා හදේ
අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා
වෙන් වී මෙසේ මා යමි මේ සෑඳෑවේ
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා
නික්මී ගියත් මේ ලෙසින්
පිටමන් නොවේ ඔබ සිතින්
අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා
ගායනය - තිලකසිරි රත්නායක
සංගීතය - සරත් දසනායක හෝ රෝහණ වීරසිංහ
ගී පද - නිමල් රත්නසිරි රූපසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...