හාද වෙලා යමන් පනේ කරුණාරත්න දිවුල්ගනේ | Hada wela yaman pane - Karunarathn Divulgane - sinhala lyrics


හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි //

ගාලු දුවඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනල්ල දෙඤ්ඤයි //

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි //

ගාල්ලට යඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
උඹට කරට ඔබින මුතු දෙපටක් ගෙනල්ල දෙඤ්ඤයි //

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි //


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - මහින්ද චන්ද්‍රසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - deerslayer110

Comments