ජය සිරිමා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශනී | Jaya sirima hamuduruwane - Deepika Priyadarshani - sinhala lyrics
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ
වැලි මළුවේ ඉඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාදිය මුහු වුණු
අපේ බාර පිළිගන්ඩ හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
රන් වැට පාමුල සාධු කියන කොට
ලෙන්ගතු කම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ) //
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී ඇතුළු පිරිස
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - මහින්ද චන්ද්‍රසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ceylon Hits

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...