තේ කූඩය පිටේ බැඳන් - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී | Tea koodaya pite bendan - Freddie Silva, Kalawathi



තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී

දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි
මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ
ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි
ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ


සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම්
අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම්

මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං
වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම්


තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්...


වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා
‍මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා

අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා
මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා


තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්...


තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී
ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ///



ගායනය - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - හේමසිරි හල්පිට

Comments

  1. Please display this song lyrics in English

    ReplyDelete
  2. Can any body post thea kudaya pite badan song lyrics in English please?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...