සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
ඔමරි හිනාවයි ඔමරි හිනාවයි
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ
හිරිමල් යොවුන් විලාසේ
දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ
සමනළ ගමන් ලතාවේ
සැණකෙළියේ සඳ එළියේ...
මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ
කාගෙද කවුදෝ දන්නේ
ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ
අද රෑ විනෝද වන්නේ
සැණකෙළියේ සඳ එළියේ...
නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ...
සැණකෙළියේ සඳ එළියේ...
ගායනය, සංගීතය - ක්ලැරස්න් විජේවර්ධන
ගී පද - සිරිල් ඒ සීලවිමන
ක්ලැරන්ස් දැක්කමා මතක් වුනේ.. මේ ගියට අදාල නැතත් මේ මංකියන ගීය ගැයුවේ ක්ලැරන්ස්
ReplyDeleteඹට වසර ගනනාවකට පෙර එක්තරා ගුවන් විදුලි වැඩසටහනකදි ක්ලැරන්ගෙ ගියක් ඇහුණා
"සරසවි උයනේ හන්තානේ"... වගේ පද පෙලක් තමයි මගේ මතකයේ තියෙන්නේ. මේ ගිය සරසවි ප්‍රේමයක් ගැන ගැයුණු ගීයක්. මේ ගිය ඔබ ලග ඇත් නම් ගී පැදුරට දාන්න. ඕඩියෝ එකක් විදියට
ඔබ කියන්නෙ මේක ගැන වෙන්න ඕන..
Deletehttp://www.youtube.com/watch?v=OhLEhB6yZn8