චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා //
පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නඟේ //
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා...
දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැණෙයි නඟේ //
චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා...
ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
මේ ගීය තනුවට වචන ලියපු ගීයක්. ඒවුන් අතිවිශිෂ්ඨ නිර්මාණයක්. මේ ගීතයේ සංගීතයේ තබ්ලාව ටං ටං ගාන සංගිත කණ්ඩය තබ්ලාවෙන් නිර්මානය කලේ විජේරත්න රනතුංග එතුමාගේ නිර්මානාත්මක සංගිතය අති විශිෂ්ඨයි
ReplyDeleteකිව්වත් වගේ මේකෙ තබ්ලාව ඇහෙන්නෙ වෙනස්ම විධියකට නේද?
Delete