සිහින කන්ද අසල - සිහ ශක්ති  | Sihina kanda asala - Siha Shakthi


සිහින කන්ද අසල
නොදරු පැටව් විලස
තැවෙන දනට වෙන්න සරණේ
නෙතට නැතිව ‍නින්ද
දුකම විඳින ලොවට
දෙවිඳ වෙන්න අරුණ කිරණේ

උයන රකින අයම
උයන මල් ගොමු සිඳ දානම්
ගඟුල උරුම අයම
ගඟුල බොර කර වනසා නම්
රටම කරන අයම
එරට නිදහන් බිලි දේ නම්
කියමු කාට මිතුර
ගයනු මිසක මෙලෙස
විපත දසත පෙනෙන දෙරණේ

සිහින කන්ද අසල...

පරෙවි තුඩෙහි රැඳුණ
පියුම රතැසින් වනසා නම්
මියන හිරුම දකිනු රිසිව
සයුරට පිටුපා නම්
කරන හොඳම අකුණ විසල
පසුපස එලවා නම්
කියමු කාට මිතුර
ගයනු මිසක මෙලෙස
විපත දසත පෙනෙන දෙරණේ

සිහින කන්ද අසල...


ගායනය - සිහ ශක්ති


Comments