සරතැස නිවා දිවි කතරේ - ප්‍රියා සූරියසේන | Sarathasa niwa - Priya Sooriyasena


සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ

වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ

සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ළඟින් මගේ වත තියේ
හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ


ගායනය - ප්‍රියා සූරියසේන
සංගීතය -එම්. කේ. රොක්සාමි
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




Premakeerthi ගී සංකල්පනා




Comments

  1. මිනිස් කමට - රෝහණ වීරසිංහ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...