කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක් තැන් වෙලා
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ//
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුනු සිත්වල මතක ලොවේ
එක්වන්නට බැරි නම්
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ...
සිත සිහිනයකි නෙත එක රැයකි
යළි සසඳන්න බැරි//
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරි නම්
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ...
ගායනය - රෝහණ බෝගොඩ
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
කාලයක් රොහන බොගොඩගේ ගිත අතිශය ජනප්‍රිය වුණා. ඒත් වසර දහයකින් පමණ මෙහා ඔහුගේ ගීත ජනප්‍රිය වුනේ නැති තරම්.
ReplyDeleteමුල් කාලයේ ගැයු නෙතින් නෙත බලාලා, ගංගා, වගේ ගීත ඇසුණා දැන්නම් ඒවත් හෑසෙන ගානයි. ඉඳහිටලාමේවගේ ගීයක් ඇහුණ ගමන් ඒ මතකය අලුත්වෙනවා
ඉස්සර මමත් ඔහුගෙ රසිකයෙක් නෙවෙයි. ඔහුගෙ ගීත වල සුන්දර බව මට දැණුනෙ වසර කීපයකට කලින්!
Deleteරෝහණ බෝගොඩ මහතා ලගදි ගායනා කල මා විසින්
ReplyDeleteපද රචනා කල ගීත කිහිපයක් තියනවා මෙම බ්ලොගයට
මම එය ලබා දෙන්නම් මම ප්‍රදීප් නන්දලාල්
contact-miurukalpanaa@yahoo.com
බොහොම අගෙයි
ReplyDelete