සුන්දරියේ රන් රසු දැල් - චන්දන ලියනාරච්චි | Sundariye ran rasu del - Chandana Liyanarachchi


සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි
රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි
පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි

මා රන්කඳ ඔබ රූ විඳින්න ලෝල නොවේදෝ
වස්දණ්ඩ නන්දනීය නොවේදෝ //
ගන්ධාර කුළේ මෝහිනි රණ හංස තටාගේ
පීනන්න එන්නදෝ සඳපානේ

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි

සී සීකඩ යයි දුල්වසන් මෙවුල් ඉණ රැන්දූ
සංයෝග හා වියෝගය කැන්දූ //
‍නිම් හිම් කොහේද මා ඉඳුරන් කම්සුහ බැන්දූ
වාවාලමින් කෙසේ රති දෙව් දූ

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි
රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි
පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි


ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය, ගී පද - නිහාල් ගම්හේවා

Comments

  1. ගී පද හා සංගීතය පිලිවෙලින් ප්‍රනීත් අබේසුන්දර හා සරත් ද අල්විස් මහත්මයන් විසින් කලා කියල තමයි කඩුපුල් මල ඇල්බම් කවරෙ තියෙන්නෙ.. එතකොට කවුද හරි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...