ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
සිඳ බිඳ මොහඳුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මවු ප්‍රේම
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ ////
ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
ගී පද - අරිසෙන් අහුබුදු
මොහන්දර නෙවෙයි නේද මෙතනට එන්නෙ.. මං හිතන්නෙ මොහඳුර ( මොහය නමැති අඳුර ) කියලයි එන්න ඕන
ReplyDeleteස්තූතියි...ඔන්න වෙනස් කළා..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදයාන් විතාරණ මහතාගේ බුදු මග යන්නට ගීතයේ පද ලබා දෙන්න
ReplyDeleteඋත්සාහ කරන්නම් :-)
Deleteමට මේ vedio එක පේන්නේ නෑ නේ
ReplyDeleteයූටියුබ් එකෙන් අයින් කරලා. යූටියුබ් එකේ සර්ච් කරල බලන්න.
Delete