මගේ දිනපොතේ - චන්ද්‍රලේඛා පෙරේරා | Mage dina pothe - Chandralekha Perera


මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ//
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සමසේ දරා
අත් වැල් බැඳන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනෙකී

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ

පාසැල් සමේ අ‍පි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසි ඒ
ගිණි අවුළුවා නටබුන් පෙමින්
අපි වෙන්වෙමු දෛවේ ලෙසින්

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ//
අ‍ප පෙම්කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි
මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ


ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක

Comments