ආදර මල්වල - කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ | Adara malwala - Kasun Kalhara, Indrachapa liyanage


ආදර මල් වල පාට කියන්නද
මේ වගෙ ලස්සන තව නෑ
මේ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කල
සමනල් සිහිනය පිපුනා...
සමනල් සිහිනය පි පු නා...

දේදුනු රේඛා - දෑසම තවරා..
තවමත් මල් සිත - බලා සිටිනවා..
මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත
දෑස හොරෙන් ඈත‍ සොයනවා..
අදුර මැදින් එන්න සදලියේ...

දේදුනු සායම - දෑස‍ බොඳ කල
මාලති යායක හැලිලා...
මාලති යායක හැලිලා...
සීතල හිම කදු යාය පිය මැන
දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා
දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා...


ගායනය - කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - වසන්ත කුමාර කොබවක

Comments

  1. මේ සින්දුවේ පදවල තේරුමෙන් හරියටම කියවෙන දෙය කියනවද?
    මේ සින්දුවේ කතාව මොකක්ද? සමනළ සිහිනය, දේදුනු පාට ගැන කියවෙන මේ සින්දුව සමලිංගික ප්‍රේමයක් ගැනද?

    ReplyDelete
    Replies
    1. සින්දුවල තේරුම කවදාවත් ‍හැමෝටම එකක්ම වෙන්නෙ නෑ. කලාවෙ තියෙන හොඳම දේ ඒකයි. වෙනස අය වෙනස් විධියට රස විඳිනවා. ලියපු කෙනා මොනව හිතාගෙන ලිව්වත් විඳින කෙනා හාත්පසින්ම වෙනස් දෙයක් හිතන්න පුළුවන්.

      Delete
    2. video eka balanna

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...