ආදර මල් වල පාට කියන්නද
මේ වගෙ ලස්සන තව නෑ
මේ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කල
සමනල් සිහිනය පිපුනා...
සමනල් සිහිනය පි පු නා...
දේදුනු රේඛා - දෑසම තවරා..
තවමත් මල් සිත - බලා සිටිනවා..
මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා..
අදුර මැදින් එන්න සදලියේ...
දේදුනු සායම - දෑස බොඳ කල
මාලති යායක හැලිලා...
මාලති යායක හැලිලා...
සීතල හිම කදු යාය පිය මැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා...
ගායනය - කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - වසන්ත කුමාර කොබවක
මේ සින්දුවේ පදවල තේරුමෙන් හරියටම කියවෙන දෙය කියනවද?
ReplyDeleteමේ සින්දුවේ කතාව මොකක්ද? සමනළ සිහිනය, දේදුනු පාට ගැන කියවෙන මේ සින්දුව සමලිංගික ප්‍රේමයක් ගැනද?
සින්දුවල තේරුම කවදාවත් හැමෝටම එකක්ම වෙන්නෙ නෑ. කලාවෙ තියෙන හොඳම දේ ඒකයි. වෙනස අය වෙනස් විධියට රස විඳිනවා. ලියපු කෙනා මොනව හිතාගෙන ලිව්වත් විඳින කෙනා හාත්පසින්ම වෙනස් දෙයක් හිතන්න පුළුවන්.
Deletevideo eka balanna
Delete