මගෙ නාමලී බැදි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ..
රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා..
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා..
මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බට ලී හඩේ තාලේ මගේ
ඉන් ආදරේ රස පිටවුනා..
අනුරාගියේ හඳ නලවනා ඒ
ගී හඩේ ඔබ සැඟවුනා..
මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා...
ගායනය - හරූන් ලන්ත්‍රා
පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ආර්. මුත්තුසාමි
වීඩියෝව ගත්තේ මෙතැනින් - Evoke Music

youtube link
ReplyDeletehttps://www.youtube.com/watch?v=is4o5bwkdZI
ස්තුතියි එකතු කළා..
Deleteබට ලී හඩේ තාලේ මගේ
ReplyDelete..
අනුරාගියේ හද නලවනා
බොහෝම ස්තූතියි..
ReplyDelete