දවසක් පැල නැති‍ - ගුණදාස කපුගේ | Dawasak Pela Nathi Hene - Gunadasa Kapuge



දවසක් පැල නැති ‍හේන
ේ අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ‍ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කළුකරගෙන
මුහුදු හුළඟ හඬලනකොට ‍
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය - ගුණදාස කපුගේ

Comments

  1. යූ ටියුබ් එකේ කෙනෙක් මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා මම හිතනවා ඒක මෙතෙන්ට වඩා සුදුසුයි කියලා.
    මට හිතුන රත්න ශ්රීක විජේසිංහ මහත්තය මේ සින්දුව ගැන කියපු දෙයක් ලියන්න. (.මේ සින්දුවේ තේරුම ) පැල නැති හේන කියන්නේ තාත්ත නැති පවුලක් .අකාල මහ වැසි වැස්සා කියන්නේ දරිද්ර(තාව මේ පවුලට ආපු වේගය .තුරුලේ හන්ගාගෙන මා ඔබතෙමුනා අම්මේ කියන්නේ දුප්පත් කම දරුවට දැනෙන්න ඉඩදුන්නේ නැහැ කියනඑක අම්ම දුක් වින්ද කියන එක .පායන තුරු හිටිපියවර හිටිය කියන්නේ නැවත විවාහයක් කරගත්තේ නැහැ කියන එක .පද රචක රන්බණ්ඩා සෙනෙවිරත්න කියන්නේ සේපාල ඒකනායකගේ නඩුව වෙනුවෙන් පෙනීසිටි නීති වේදියා .අනිත් පද වල තේරුම සරලයි .

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...