නිල් ගුවනේ තරු රාශි
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...//
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ...//
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ...
කොවුලනි ඇයි ගී ගැයුවේ...
වනයේ පිපි මල් ගොමුවේ..
සමනලයිනි ඇයි හැඩුවේ..
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ..
නිල් වන් දෙනෙතේ කාන්ති..
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී...//
ඇගෙ කදුලැලි ඇති විටදී
ඕනැ නැ දියමන්තී...//
ගායනය - එච්. ආර්. ජෝතිපාල
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල (හින්දි තනුවක් ඇසුරින්)
ගී පද - ඇලෝයි ගුණවර්ධන
වීඩියෝව ගත්තෙ - Dr196903

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...