හඬන පණ නල - සුනිල් එදිරිසිංහ | Handana pana nala - Sunil Edirisinghe


හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිලකි වියළි කතරට හිමි උනේ...

යොවුන් සිතිවිලි විපිලිසර වී
මහළු සිත තුල මිය ඇදේ
සයින් පීඩිති හඬන සුරගුරු යදී සිඟමන් මාවතේ..

හඬන පණ නල...

රකුසු පියසක පිපුනු කුසුමට
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත
සරණ පා යුග පටලැවේ

හඬන පණ නල...

ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය - ලක්ෂ්මන් විජේසේකර

Comments