මගෙ දුවේ ඔබ - කරුණාරත්න දිවුල්ගනේ | Mage duwe - Karunarathna Divulgane


මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි

සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි

මගෙ දුවේ නුඹ...

ගණ කළුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවනට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි

මගෙ දුවේ නුඹ...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ

Comments