ඔබයි රම්‍ය සඳ කිරණ - නන්දා මාලිනී  | Obai ramya sanda kirana - Nanda Malini - sinhala lyrics


ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා...
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා...

ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ...

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...

සදා නන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක්
සේ තඩාගේ..

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...

උදා වූ සුපෙම් පත්
මුසුන් වී රැදේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා...

ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ඔබය

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ...

ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන

Comments

  1. සහෝ ගීතයේ පද මාලා කිහිපයක්ම නිවැරදි කළ යුතුයි. ඔබේ අවධානය එය වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි !

    ReplyDelete
  2. අරුත්බර වටිනා ගීයක් ..ස්තුතියි !

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...