පොඩි දුවගේ සිනා වැලයි - සෝමතිලක ජයමහ | Podi duwage sina welai - Somathilaka Jayamaha


පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

කටු මැටි ගැ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරු ව‍‍ගේ...//

පොඩි දුවගේ...//

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ...//

පොඩි දුවගේ...//

ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - සුනිල් ආරියරත්න

Comments

  1. ගායනය: සෝමතිලක ජයමහ
    පදරචනය: සුනිල් ආරියරත්න
    සංගීතය: රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා... මේ නිවැරදි කිරීම් වලින් ගී පැදුර තවත් සම්පූර්ණ වෙනවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...