මල් පොකුරු පොකුරු - වික්ටර් රත්නායක | Mal pokuru pokuru - Victor Rathnayaka


මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්...//

නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...
පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා...

මල් පොකුරු පොකුරු...//

සිංදු කියන බමරු විලස ලංව නැමීලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...
ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා...

මල් පොකුරු පොකුරු...//


ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - ස්ටැන්ලි පීරිස්
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ


Comments

  1. මේ ගීතය රචනා වුණෙත් වික්ටර් ප්‍රේමකීර්ති සංසාරගත මිතුදමේ එකතුවෙන්.
    ගේය පද ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.
    සත්සර රටාව වික්ටර් රත්නායක ශූරීන්ගේමයි.

    සිංදු කියන බමරු විලස ලංව නැමීලා
    ඇය ඉන්න හිතයි ආදරයක් දෙන්න කියාලා...!

    ReplyDelete
    Replies
    1. හපොයි! මේ පද ප්‍රේමකීර්ති ගේ නෙවෙයි..අජන්තා රණසිංහ ගේ!! අහම්බෙන් මේක අද දැක්කේ!!!

      Delete
    2. ස්තූතියි සචී.. දිගටම ගී පැදුරත් එක්ක රැදෙන්න කියල ඉල්ලාසිටිනවා.

      Delete
  2. මෙතන නිවැරදි වෙන්න ඕනෙ

    අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා ...

    මාර ලස්සන සිංදුවක් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබේ දායකත්වය බොහොම වැදගත්!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...