සඳකැන් වැසිලා - වික්ටර් රත්නායක | Sanda ken wasila - Victor Rathnayaka

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී //

//ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ

සඳකැන් වැසිලා...

//මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

සඳකැන් වැසිලා...

ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක


Comments

  1. මේ ගීතය රචනා වුණෙත් වික්ටර් ප්‍රේමකීර්ති සංසාරගත මිතුදමේ එකතුවෙන්.
    ගේය පද ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.
    සත්සර රටාව වික්ටර් රත්නායක ශූරීන්ගේමයි.

    ReplyDelete
  2. සුපිරිම සිංදුවක්.

    ReplyDelete
  3. http://www.thelastrow.lk/page/index.html

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...