මා ඔබ හමු වූ දා - සී.ටී. ප්‍රනාන්දු, රුක්මණී දේවි | Ma oba hamuwu da - CT Fernando, Rukmani Devi - sinhala lyrics
මා ඔබ හමු වූ දා
මේ හද නැලවූ දා
ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා
සන්තෝසේ ආසාවේ මහිමේ කියා
මගේ දෑසයි ඔබෙ දෑසයි පාවී ගියා
පැතුවා සේ සිතුවා සේ හමු වී සොයා
අද ආයෙ දුටුවා ඔයා
මා ඔබ හමු වූ දා
මේ හද නැලවූ දා
ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා
සැනසිල්ල නැලවිල්ල පිරිලා සිතේ
ඔබෙ බැල්ම මගේ බැල්මේ රැඳිලා ඇතේ
සිත මාගේ මල වාගේ පුබුදා ගියා
අද ආයෙ දුටුවා ඔයා
මා ඔබ හමු වූ දා
මේ හද නැලවූ දා
ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා
ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා
ගායනය - සී.ටී. ප්‍රනාන්දු, රුක්මණී දේවි
සංගීතය - ප්‍රැට්‍රික් දෙණිපිටිය
ගී පද - සුනන්ද මහේන්ද්‍ර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dammike Jayakody

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...