එක යායට මල් පීදුන - සනත් නන්දසිරි | Eka yayata mal peeduna - Sanath Nandasiri - sinhala lyrics


එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //

රාස්සිගේ අව්ව වැටී දඹරන් වූ ඔබ කෙහෙරැලි //
සුළං සමග පොරබැදුවා
ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට

එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ

ගොපළු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර //
දොලේ දියෙන් පාදෙව්වා
ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට

එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //

කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //



ගායනය - සනත් නන්දසිරි
පද රචනය - සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya


Comments

  1. බොහොම ලස්සන, මම ආසම කරන සින්ද්දුවක් සහෝ..
    බොහොම ස්තුතියි පද මාලාව පොස්ට් කලාට...

    ReplyDelete
  2. කාලෙකට පස්සේ ආපු නිසා දැනෙන දෙයක් මේ කියන්නේ...

    බ්ලොග් එකේ ඉස්සර තිබ්බ layout එකට වඩා මේක නම් පට්ට මලානිකයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේ වෙනකොට මොබයිල් ෆෝන් වලින් අඩවිය පිරික්සන අය වැඩි නිසයි තීම් එක වෙනස් කරන්න හිතුවේ. අවසාන තීරණයක් නැහැ. මලානික කියලා ඔබ අදහස් කලේ මොකක්ද කියලා කියන්න පුලුවන් නම් (වර්ණ, ලේයවුට්) අපිට ඒ ගැන බලන්න පුලුවන්.

      මොනව වුනත් අදහස් දැක්වීමට බොහොම ස්තූතියි 😊

      Delete
    2. මම කිව්වේ ඩිසයින් එක ගැන බන්.
      ඉස්සර් තිබ්බා මාර ලස්සන ඩිසයින් එකක්.
      බ්ලොග් එකේ නම එහෙමත් තිබ්බේ නම් මනම් රටා දාලා ලෝගෝ එකක් වගේ.
      එහෙම තියෙද්දී බ්ලොග් එකට ගොඩ වෙනකොට දැනෙන්නෙත් සංගීත කාමරේකට ගොඩ වුන වගේ.

      දැන් තියෙන්නේ සිම්පල් තීම් එකක් නේ.
      මට නම් තේරුනේ බ්ලොග් එකේ කන්ටෙන්ට් එක එක්ක තීම් එක මදියි වගේ, සරල වැඩියි වගේ..

      එකයි කිව්වේ.
      නැතුව දැන් තියෙන එක නරකයි කියලා නෙමෙයි..

      Delete
    3. පැහැදිලියි!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...