දිසාපාමොක් ඇදුරුතුමනේ - ශානිකා සුමනසේකර | Disapamok - Shanika Sumanasekara - sinhala lyrics



දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර..
හොදම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර..

පුරා සූසැට - කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළදන්..
උපාදියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන්..
තිබෙන කඩතොළු තැන්..

උපදවා බැති පෙම් හැඟුම්..
නොරිදවා ගුරු සිත අකුරු කරමින්..
කෙලෙස අදහා ගනිම්දෝ..
දෙවොළ ඇතුලේ පහන් සොරකම්
කරනබව දෙවියන්..
දේවතා එලියෙන්..

දිසාපාමොක් ඇදුරුතුමනේ...

ගායනය: ශානිකා සුමනසේකර
ගී පද: කථිකාචාර්ය නන්දසිරි කීබියහෙට්ටි
සංගීතය: සමන්ත පෙරේරා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Shanika Sumanasekara


Comments