සොඳුරු ලොවට මල් වැහැලා - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක | Sonduru lowata mal wehela - H.R. Jothipala, Sujatha Aththanayaka
සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා //
රෝස මලට හිත වැටිලා
බඹරෙකු සේ මා සොයලා
ඈත හිටන්
ඈත හිටන් ආවදෝ
ඔබ පියඹාලා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ
ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ
සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා
පෙමට පායලා /////
ගායනය - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
සංගීතය – ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
අපේක්ෂා චිත්‍රපටියෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903


Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...