නිල් උපුල් නුවන් පෙතී
මල් විලට අගේ නැති
ඔබ කොහෙද පබාවතී
මා ඔබේ
මා ඔබේ ජයම්පති //
අත ඇඟිලි රනින් බැඳී
කුස නිරිඳු නමින් සිටී
අත ඇඟිලි රනින් බැඳී
කුස නිරිඳු නමින් සිටී
ඔබ දකින වරම් නැති
අමතකද ජයම්පති
නිල් උපුල් නුවන් පෙතී
මල් විලට අගේ නැති
ඔබ කොහෙද පබාවතී
මා ඔබේ
මා ඔබේ ජයම්පති
හිත පුරා නෙළුම් පිපී
ඔබෙ සුරත පතා හිඳී
හිත පුරා නෙළුම් පිපී
ඔබෙ සුරත පතා හිඳී
මා නොවේය සක්විති
ඔබ අහිමි ජයම්පති
නිල් උපුල් නුවන් පෙතී
මල් විලට අගේ නැති
ඔබ කොහෙද පබාවතී
මා ඔබේ
මා ඔබේ ජයම්පති //
ගායනය - සුමිත් මන්දනායක
සංගිතය - රෝහණ වීරසිංහ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - sumith mandanayaka

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...