පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ
තනිකම වරෙං ඉදිකඩ පැන මං නිදි පැදුරේ //
පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
දොලේ හඞට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටි ලන උලලේනෝ පලා යන්න
මගේ තනිය ළඟට වරෙං තුරුළු වෙලා නිදාගන්න
පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ
තනිකම වරෙං ඉදිකඩ පැන මං නිදි පැදුරේ
කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරිමාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක
පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ
තනිකම වරෙං ඉදිකඩ පැන මං නිදි පැදුරේ //
ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
වීඩියෝව ගත්තෙ මෙතනින් - manel08uk

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...