පවන් සුසුම් දැලින් වෙළී - දේවානන්ද වෛද්‍යසේකර, ඉන්ද්‍රාණි පෙරේරා | Pawan susum dalin weli - Dewananda Waidyasekara, Indrani Perera
පවන් සුසුම් දැලින් වෙළී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම්
නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ
සංයෝග පෙම් ගී තරංගා
පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවේ
මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවේ
පවන් සුසුම් දැලින් වෙළී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම්
නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ
සංයෝග පෙම් ගී තරංගා
ගායනය - දේවානන්ද වෛද්‍යසේකර, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - ධර්මසිරි ගමගේ
තරංගා චිත්‍රපටියෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - dushanthaone


nice song.
ReplyDelete