ඉස්සර ආදී කාලේ - කීර්ති පැස්කුවල් | Issara aadi kale - Keerthi Pasquel


ඉස්සර ආදී කාලේ වයල වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිල රාග කීවේ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා

හැඩවැඩ සාය හැට්ට බොස්තරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආස හිතෙනවා

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා

ට්‍රැංගල් කොංගො බොංගෝ බැංජො රබානේ
නාදය තවම ඇහෙනවා
අළුතින් නැතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා

පෙර සිට පැවතෙන රස පද තාම තියේවී
කලියුග කාලෙ මේ වගේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා //



ගායනය - කීර්ති පැස්කුවල්




වීඩියෝව ගත්තෙ මෙතනින් - MrDammike

Comments