රත්තරං හීනයේ - මංජුල පුෂ්පකුමාර, උරේෂා රවිහාරි | Raththaran heenaye - Manjula Pushpakumara, Uresha Ravihari (Pathini Teledrama Theme)
රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා
ආත්මයෙන් ආත්මයේ රත්තරං මා ඔබේ
සත්‍ය පරමාදරේ සත් පියුම් සුපිපුණා
ජන්මයෙන් ජන්මයේ පතිනියයි මා ඔබේ
රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා
දුර යන්න මට බෑ හැරදා ඔබ මේ වගේ
ළඟ ඉන්න හිමි නෑ සැනහී ඔබ සෙනෙහසින්
ඔබ පෑ සිනහා සිත ළඟයි
ඔබ සුවඳ මා ජීවත් කරයි
ජිවිතේ පරම සැපත ඔබ වේමැයි
මා ඔබේමයි
දඟකාර හැන්දෑ අහසේ තරු නෙතු වසා
මනමාළ ඉඟි පෑ රහසේ හද කළඹවා
තාමත් නෑ මං නම් දන්නේ
බැදුනේ ඇයි දැයි මේ සෙනෙහේ
ඔබ මාගේ ප්‍රාණය හා සම වේමැයි
මා ඔබේමයි
රත්තරං හීනයේ
සත්තකයි මම උන්නා
ආත්මයෙන් ආත්මයේ
පතිනියයි මා ඔබේ
ගායනය - මංජුල පුෂ්පකුමාර, උරේෂා රවිහාරි
පතිනි ටෙලි නාට්‍යයෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Miranja Sameera


Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...