ඔබ කඳුලේ උපතයි - ප්‍රියා සූරියසේන | Oba kandule upathai - Priya Sooriyasena


ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි

රැයට අසරණ වෙලා
හඬන පලඟැටි බලා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ
අවදිවන ලොව බලා
දොඩන ගිරවුන් සොයා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ

අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ
අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ

ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි



ගායනය, සංගීතය - ප්‍රියා සූරියසේන
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Premakeerthi Gee

Comments

  1. මේ ගීතයෙන් අති විශිෂ්ඨ වින්දනයක් ලබමි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...