අඳුර අඳුර මගේ - ප්‍රියා සූරියසේන | Adura Adura Mage - Priya Sooriyasena


අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා....තනිකර එළියේ...//

ඝණ රෑ කළුවර - තනියම කුටියේ..
ගතකල දිවියේ....රස තැන් සිහිවේ..
කුටියේ කෙලවර - එළියක් දිස්වේ..
එළිය සොඳුර මගේ....දිවියට ලංවේ...

අඳුර අඳුර මගේ...

පෙම් එළි විහිදා - නිවා දැමූ පසු..
දුන් නෙත් පීඩා....දනිමී පෙරදා..
සදාකාලිකය - අඳුරේ රැජිනිය..
ඔබ හැර යන්නට....නොදේවී මගෙ හිත..

අඳුර අඳුර මගේ...

ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Priya Sooriyasena

Comments

  1. මේ සින්දුව අහන හැම සැරේකම මට මතක් වෙන්නෙ මං පොඩි කාලෙ පත්තරේක තිබුණු කාටූන් එකක්... බීපු මිනිහෙක් සරමක් පැත්තකින් උස්සන් ඔය සින්දුවේ මුල් පද ටික කියනවා ගෑණි එයාව ගෙදරින් එළියට දාලා දොර වැහුවට පස්සෙ... :D

    ReplyDelete
    Replies
    1. මං අහල තියෙන්නෙ වෙනත් කතාවක්......ආධුනික සංගීත සංදර්ශනයකට ආපු බීපු පොරක් සරමත් බාගෙට උස්සන් ස්ටේජ් එකට නැගල ඔය සින්දුව කිව්වලු.මෑන් යටට මුකුත් ඇඳල හිටියෙත් නෑලු.ඒ ෂෝ එක බලන්න ආපු කොල්ලො "තනිකර එලියේ " කියල කෑගහල හූ තියන්න ගත්තලු.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...