අපි දැදුරු ඔයෙන් පැන්නා - සේනානායක වෙරලියද්ද, රජරට ෂාප් | Api Daduru Oyen Panna - Senanayaka Weraliyadda, Rajarata Sharp
අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා...//
ආඬි ලිදේ වතුර සොයා..
නිලාමනී ළිඳට ගියා..
නැගෙනහිරේ කිරණ පුරා..
කාන්තිලා හිනැහුනා...
අපි දැදුරු ඔයෙන්...//
සේරු විලේ පිරිත අසා..
කැලෑ මලේ හිනැහුනා..
නාග පුරේ පාරු පොලේ..
කිරිමුතු වැල් කියැවුනා...
අපි දැදුරු ඔයෙන්...//
ගායනය : සේනානායක වෙරලියද්ද, රජරට ෂාප් සංගීත කණ්ඩායම
පද රචනය : වසන්ත දුක්ගන්නාරාළ
සංගීතය : ප්‍රියන්ත චන්ද්‍රකුමාර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Music Plus Records
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...