අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා....තනිකර එළියේ...//
ඝණ රෑ කළුවර - තනියම කුටියේ..
ගතකල දිවියේ....රස තැන් සිහිවේ..
කුටියේ කෙලවර - එළියක් දිස්වේ..
එළිය සොඳුර මගේ....දිවියට ලංවේ...
අඳුර අඳුර මගේ...
පෙම් එළි විහිදා - නිවා දැමූ පසු..
දුන් නෙත් පීඩා....දනිමී පෙරදා..
සදාකාලිකය - අඳුරේ රැජිනිය..
ඔබ හැර යන්නට....නොදේවී මගෙ හිත..
අඳුර අඳුර මගේ...
ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Priya Sooriyasena
මේ සින්දුව අහන හැම සැරේකම මට මතක් වෙන්නෙ මං පොඩි කාලෙ පත්තරේක තිබුණු කාටූන් එකක්... බීපු මිනිහෙක් සරමක් පැත්තකින් උස්සන් ඔය සින්දුවේ මුල් පද ටික කියනවා ගෑණි එයාව ගෙදරින් එළියට දාලා දොර වැහුවට පස්සෙ... :D
ReplyDelete:D :D
Deleteමෙන්න සින්දු
ReplyDelete