ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...//
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...
ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා..
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා..
නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ...
ආ මට කෑමක් ආ මට කෑමක්
තවකෙක් බදිති සෙනේ...
ජීවන විල මැද...
අවරට යන හිරු සවසට බැස යයි
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුනු නෙළුමට හැකිලෙයි
පුන්සද දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර
එය ජීවන මහිමේ...
ජීවන විල මැද...
ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : කරුණාසේන ජයලත්
සංගීතය : එම්. කේ. රොක්සාමි
“මහ රෑ හමුවූ ස්ත්‍රිය(1963)“ චිත්‍රපටයේ ගීතයක්
මේක අන්තිම පදේ "දාකයි දෙකකයි පමණයි විසිතුර එය ජීවන මහිමේ" (මේ විසිතුර පවතින්නේ දවසයි දෙකයි කියන අදහසින්) වෙන්න ඕනේ....
ReplyDeleteමම කැමතිම ගීතයක්, ස්තූතියි.
ස්තූතියි තිසර...
Deleteඒ පදය කිහිප වතාවක් ඇහුවත් හිතුවේ ඔය විදියට කියල...එත් වැරදි ඇති කියලත් හිතුනා...ස්තූතියි නැවතත්..!
"ආ මට කෑමක් ආ මට කෑමක්
ReplyDeleteතවකෙක් බදිති සෙනේ "meken කියවෙන හරි අදහස මොකද්ද කියන්නකෝ..