ගංඟාවේ....ගීතේ..ගොළුවී ගියා දෝ...
ඔබ මා...හමුවේ...
පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
ගංඟාවේ....ගීතේ..
ඔබ මුව මඬලේ මුතු හිනා වගේ..
දිය සරැලි ගඟේ ගලනා රඟේ...
මතකයේ වෙලී.....පැටලේ...
මල් බමර පැතුම විලසේ..
මල් බමර පැතුම විලසේ...
ගංගාවේ....ගීතේ...
ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා...
නෙත් තුඩු අතරේ හමුවී දොඩා..//
මා ළයේ සඳා....නොමැකේ...
අරවින්ද කැකුළ විලසේ..
අරවින්ද කැකුළ විලසේ..
ගංගාවේ....ගීතේ...///
ගායනය, සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi
ගංගාවේ ගීතය කියන ටික දකිනකොට, ගායකයගෙ නම දකින්නෙ නැතුව එකපාරටම මතක් උනේ අබේවර්ධන බාලසූරිය මහත්මයගෙ 'ගංගා... එන්නකෝ ගංගා...' කියන සින්දුව...
ReplyDeleteලස්සන සින්දුවක්...
ඔව් ඔව් අබේවර්ධණ බාලසූරිය මගෙත් ප්‍රියතම කැටගරියේ..
Deleteඔය ගීයත් ලඟදිම එකතු කරන්නම්කො...