ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා
තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන
ලොව නිසසල වී...
අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන
ලොව නිසසල වී...
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - upul chinthaka
මං ගොඩක් ආස සින්දුවක්...
ReplyDeleteලස්සන සිංදුවක්..
ReplyDeleteමාර ලස්සන අදහසක්
ReplyDeleteස්තූතියි මේ ගැන කතා කලාට....
ReplyDeleteඅදහස ගැන හිතෙන්නේ දෙන්නාගේ “ආදරේ ලොවට හොරෙන් තියන විට සුන්දරයි“ කියල නේද..??
oba hari
Deleteoba hari
Deleteඑල................me siduwe me kotasa witrai mataka සැමදා ඔබයි මගේ ආදරනීය සුදූ (හීනෙන් පැතු මුතු)මේ සිංදුව දෙනවද
ReplyDeleteඋත්සහයක් දෙන්නම්....බලමු හොයාගන්න පුළුවන්වෙයි..!
Delete