ආදර සීනුව පෙම්ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ //
කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
අහසයි මුහුදයි ළං වී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය වේදෝ නැහැ දන්නේ
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ
ආදර සීනුව පෙම්ලොව දොර ළඟ...
සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන එන්නේ
මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ
ආදර සීනුව පෙම්ලොව දොර ළඟ... //
ගායනය - ග්‍රේෂන් ආනන්ද
තනුව - ග්‍රේෂන් ආනන්ද
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
'ප්‍රමාද වැඩියි' ටෙලි නාට්‍යයෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - හෝපලු වනපෙත KDK Lyrics

පද පේළි නිවැරදි කරන්න
ReplyDeleteමොනවද නිවැරදි කරන්න ඕන?
Delete